Search

QLD එන සංචාරකයන්ගෙන් ඇඳ බද්දක් ?

සංචාරකයන්ගෙන් ඇඳ බද්දක් (Bed Tax) අයකිරීමට සූදානම් වන බවට පළවන වාර්තා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය ප්‍රතික්ෂේප කරනවා.

ප්‍රාන්ත අගමැති ඩේවිඩ් ක්‍රිසෆුලි අවධාරණය කරන්නේ එවැනි කිසිදු තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බවයි.

මෙවැනි බද්දක් සම්බන්ධයෙන් නගර සභා සහ ප්‍රාදේශීය කවුන්සිල ප්‍රාන්ත රජයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනුයි අගමැතිවරයා මේ බව පවසා ඇත්තේ.

ඒ හා සම්බන්ධ තීරණයක් ගතහොත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව තවත් අඩුවනු ඇතැයි ද ඔහු සඳහන් කර සිටිනවා.

එවැනි වාතාවරණයක් ඇතිවීමට තමන් කිසිදු ඉඩක් නොදෙන බවයි ක්වීන්ස්ලන්ඩ් අගමැතිවරයා අවධාරණය කරන්නේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »