
ලබන මාසයට යෙදී ඇති වික්ටෝරියා ප්‍රාන්ත අයවැයට ඉඩම් හා දේපළ සම්බන්ධ නව යෝජනා රැසක් ඇතුලත් වනු ඇතැයි අනාවැකි පළ වනවා.
විශේෂයෙන්, මුද්දර බද්ද සහ ඉඩම් බද්ද මෙහිදී කැපීපෙනෙන ලෙස වැඩි කෙරෙනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.
ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය උග්‍රම ප්‍රාන්තය ලෙස සැළකෙන්නේ ද වික්ටෝරියාවයි.

කෙසේවෙතත් පසුගිය වසරේදී එහි නිවාස 10,000 ක් පමණ අමතරව අලෙවි කර ඇති බවට වාර්තා පළ වනවා.
කෙසේවෙතත් එම කිසිදු ක්‍රියාමාර්ගයකින් වික්ටෝරියාවේ නිවාස අර්බුදය විසඳිය නොහැකි බවටයි විචාරකයන් මත පළ කරන්නේ.

ඒ අනුව දේපළ හිමිකරුවන් සඳහා දැඩි නීති පැනවීමට ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.