
වසර 03 කට පසු මෙල්බන් නගරයේ ජලාශවල ජල මට්ටම පහළම අගය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ජලයෙන් ලවණ ඉවත් කිරීමේ යාන්ත්‍රණයද වසර 03 කට පසු පළමුවරට සක්‍රීය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙය මෙල්බන් නාගරික කලාපයේ මෙන්ම Regional ප්‍රදේශවල ජනතාවටද එක සේ බලපා තිබීමද විශේෂත්වයක්.

මේ වනවිට මෙල්බන් නගරයේ ජල ධාරිතාවය සියයට 78 දක්වා පහළ ගොස් තිබෙනවා.
ජීලෝන්ග් නගරයේ එය පවතින්නේ සියයට 42 ක් ලෙසයි.

මෙම ලවණ යාන්ත්‍රණයට දැරීමට සිදුවන අමතර පිරිවැය හේතුවෙන් මෙල්බන් වාසීන්ට ලබන වසරේදී ඩොලර් 12 ක අමතර ජල ගාස්තුවක් දැරීමට සිදුවන බවද සඳහන්.