Search

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට ඩොලර් මිලියන 100 ක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තට වෙත බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවත් පත් ජනතාවට සහන සැලසීම සදහා ඩොලර් මිලියන 100 කට වැඩි මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සමඟ ඒකාබද්ධව සිදු කෙරෙන මෙම ක්‍රියාවලියේදී පශු සම්පත් කෙරෙහි මූලික අවධානයක් යොමු කර තිබෙන බවයි දැක්වෙන්නේ.

ඒ යටතේ සත්ත්ව ආහාර සඳහා ඩොලර් මිලියන 7 ක මුදලක් ද සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව වැටවල් ඉදි කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 105 ක මුදලක් ද වෙන් කෙරෙනු ඇති.

හදිසි ආපදා තත්වය හේතුවෙන් 140,000 කට අධික සතුන් ප්‍රමාණය අතුරුදන් වී හෝ මියගොස් තිබෙන බවටයි වාර්තා පළ වන්නේ.

ගංවතුර තත්වයෙන් පීඩාවට පත්වූ පාර්ශවයන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ප්‍රාන්ත රජය සමඟ එක්ව කටයුතු කරන බවටයි ෆෙඩරල් රජය ප්‍රකාශ කර ඇත්තේ.