
මුදල් රහිතව විකල්ප මාර්ගයන් ඔස්සේ ගණුදෙණු කිරීමට කැමති පළමු රටවල් 10 පිළිබඳ ForexBonuses සමාගම පර්යේෂණයක් සිදුකර තිබෙනවා.
විවිධ රටවල් ගණුදෙණු සඳහා ඩිජිටල් ගෙවීම් භාවිත කරන ආකාරය මත පදනම්වයි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ.
එමෙන්ම ජනගහණයේ ප්‍රතිශතය, ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්, මොබයිල් පේමන්ට් සහ සෑම රටකම මුදල් රහිතව ගණුදෙණු කරන පිරිස් සම්බන්ධයෙන් ද විශ්ලේෂණයේදී සලකා බලා තිබෙනවා.

සමීක්ෂණයට අනුව ඔස්ට්‍රේලියානුවන් ඩෙබිට් කාඩ්වලට වැඩි කැමැත්තක් දක්වන බවයි හඳුනාගෙන ඇත්තේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාව ශ්‍රේණිගත කිරීමේ 7 වන ස්ථානයට පත්ව තිබෙනවා.

පළමු ස්ථානය ගෙන ඇත්තේ කැනඩාව වන අතර එක් කැනඩානුවෙකුට ක්‍රෙඩිට් කාඩ්පත් 2 කට වැඩි සංඛ්‍යාවක් පවතින බවටයි තහවුරු වී ඇත්තේ.
දෙවැන්න ස්වීඩනයටත් තුන්වන සහ 4 වන ස්ථාන සඳහා එංගලන්තය සහ ප්‍රංශය පත්ව තිබෙනවා.
ඇමෙරිකාව මෙම ශ්‍රේණිගත කිරීමේදී ලබාගෙන ඇත්තේ 5 වන ස්ථානය යි.