Search

වික්ටෝරියා ජනප්‍රිය වෙරළ තීරයක මසුන් මියයාමේ සිද්ධියක්

වික්ටෝරියාවේ ජනප්‍රිය වෙරළ තීරයක මියගිය මසුන් දහස් ගණනක් හමුවී තිබෙනවා.

මෙල්බන් සිට පැය 3 ක් නැගෙනහිරින් Loch Sport වෙරළ තීරයේයි මෙම කුණු වූ මසුන් හමුවී ඇත්තේ..

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙසේ මාලුන් මියගිය පළමු අවස්ථාව මෙය නොවන නමුත් හේතුව සොයාගැනීමට බලධාරීන් තවමත් අපොහොසත් වී ඇති බවයි.

වෙරළ තීරයේ කිලෝමීටර් 6 ක කොටසක් මියගිය කුණු වූ මාලුන්ගෙන් පිරී ඇති බවයි ධීවර සමාජ සභාපතිවරයා පවසා ඇත්තේ.

මාලුවන් පමණක් නොව කුඩා ඉස්සන්, මුහුදු අශ්වයින්ද වෙරළට ගොඩගසා ඇති බව ඔහු කියාසිටියා.

මේ පිළිබඳව සොයාබැලීමට වික්ටෝරියා පරිසර දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව බලධාරීන් පවසනවා.

 

 

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »