
ආගන්තුක සත්කාර (Hospitality) සහ සංචාරක (Tourism) ක්ෂේත්‍රයේ අර්ධකාලීන (Part time) රැකියාවල නිරත වන ජාත්‍යන්තර සිසුන්ට ඉදිරි අයවැයෙන් සුභදායක ආරංචියක් අසන්නට ලැබෙන බවට වාර්තා වනවා.
එනම් ඔවුන්ට රැකියාවල නිරතවීමට දැනට ඇති සතියකට පැය 20 නොඑසේනම් සති 02 කට පැය 40 ක් යන සීමාව අයවැයෙන් ඉවත් කෙරෙන බවට ඉගි පළවීමයි.
දැනට ඔස්ටේ්‍රලියාව තුළ අධ්‍යාපනය හදාරන සිසුන් ලක්ෂ 03 කට පමණ මෙමගින් වරප්‍රසාද හිමිවනු ඇති.

Hospitality සහ tourism ක්ෂේත්‍ර නගා සිටුවීමේ අරමුණ ඇතිවයි රජය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.
සංක්‍රමණ අමාත්‍ය Alex Hawke පෙන්වා දෙන්නේ කොවිඩ් තත්වය හමුවේ දැනට අඩාලව පවතින මෙම ක්ෂේත්‍ර කඩිනමින් යථා තත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව මෙම යෝජනාව ක්‍රියාවට නංවන බවයි.

මෑතකදී සිදුකල සමීක්ෂණයකින් හෙළිවුයේ ඔස්ටේ්‍රලියාවේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 60 ක් පමණ කොවිඩ් තත්වය හමුවේ අර්ධ කාලීන රැකියා ගැටලුවලට මුහුණ පා ඇති බවයි.
COMMENTS