Search

ට්‍රම්ප් එපා කියන ඔස්ට්‍රේලියාවෙන් අමෙරිකාවට යවන භාණ්ඩ

ඔස්ට්‍රේලියාව විසින් අමෙරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කරනු ලබන භාණ්ඩ පිළිබඳව අනාවරණයක් සිදු කර තිබෙනවා.

කෙසේවෙතත් ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානු සමාගම් විශාල ප්‍රමාණයක් අමෙරිකා එක්සත් ජනපදය වෙත භාණ්ඩ අපනයනය නොකරන බවයි.

අමෙරිකාව විසින් ඔස්ට්‍රේලියාවේ අපනයනවලින් සියයට 3.57 ක ප්‍රමාණයක් මිලදී ගනු ලැබ ඇති බවටයි 2023 වර්ෂයට අදාළ දත්ත ඔස්සේ අනාවරණය වී ඇත්තේ.

මේ අතර අමෙරිකාව ඔස්ට්‍රේලියාව වෙත ඩොලර් බිලියන 32 ක පමණ අපනයන සිදු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවෙන් අමෙරිකාව වෙත අපනයනය කළ භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියන 21 ක්.

ඔස්ට්‍රේලියානු ගව මස් සදහා අමෙරිකාවෙන් විශාල ඉල්ලුමක් පවතින අතර ඒවා හදුන්වන්නේ ඔස්ට්‍රේලියාවෙන් අමෙරිකාවට අපනයනය කරන වටිනාම භාණ්ඩය ලෙසටයි.

2023 වර්ෂයේදී ඔස්ට්‍රේලියාව විසින් අමෙරිකාව වෙත ඩොලර් බිලියන 2.7 ක ගව මස් ප්‍රමාණයක් අපනයනය කර තිබෙනවා.

එම ගව මස් වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගනු ලබන්නේ අමෙරිකාවේ මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය විසිනුයි.

ඊට අමතරව ඔස්ට්‍රේලියාව අමෙරිකාව වෙත ඩොලර් බිලියන 1.4 ක බැටළු මස් සහ එළු මස් අපනයනය ද සිදු කරනවා.

ඔස්ට්‍රේලියාවෙන් අමෙරිකාව වෙත අපනයනය කරන භාණ්ඩවලින් දෙවන ස්ථානයට වැඩිම වටිනාකමින් යුත් භාණ්ඩය ලෙස වර්ගීකරණය කර ඇත්තේ එන්නත් සහ ඖෂධ වර්ගයි.

2023 වසරේදී පමණක් ඔස්ට්‍රේලියාව විසින් අමෙරිකාවට අපනයනය කර ඇති එන්නත් සහ ඖෂධ වර්ගවල වටිනාකම ඩොලර් බිලියන 1.6 ක් පමණ වනවා.

ඒවායෙන් වැඩි ප්‍රමාණයක් අපනයනය කරන්නේ මෙල්බන් හි පිහිටි CSL සමාගම බවයි දැක්වෙන්නේ.

මේ අතර ඇලුමිනියම් – රත්‍රන් – නිකල් – ඊයම් සහ සින්ක් වැනි ලෝහ වර්ග ද ඔස්ට්‍රේලියාව විසින් අමෙරිකාව වෙත අපනයනය කරනු ලබනවා.

ඊට අමතරව වයින් – තිරිඟු – යුරේනියම් සහ සත්ව මේදය  ද ඒ අතර වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »