
පැපුවා නිව්ගිනියාව අසල අද ඇතිවූ ප්‍රබල භූ කම්පනයකින් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ එය රිච්ටර් පාමක අංක 6.9 ක ප්‍රබල භූ කම්පනයක් බවයි.
පැපුවා නිව්ගිනියාවට අයත් බටහිරින් පිහිටි දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේයි මෙය සිදුව ඇත්තේ.

එම දූපතේ අගනුවර වන Kimbe නුවරට කිලෝමීටර් 194ක් ගිනිකොන දෙසින් මෙම භූමිකම්පාව සිදුව තිබෙනවා.
එමෙන්ම මෙම භූමිකම්පාවෙන් අනතුරුව පසුකම්පන කිහිපයක් ද වාර්තා වූ බව එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ දත්තවල සඳහන් වනවා.

කෙසේනමුත් මේ වනවිට පැපුවා නිව් ගිනියාවට පැනවූ සුනාමි අනතුරු ඇඟවීම අවලංගු කර තිබෙනවා.