Search

තුවක්කුකරුවෙකු නිසා MCG ක්‍රීඩාංගනයේ ආරක්ෂාව තරකරයි

මෙල්බන් MCG ක්‍රීඩාංගනයේ ආරක්ෂාව තරකර තිබෙනවා.

ඒ පසුගිය බ්‍රහස්පතින්දා ක්‍රීඩාංගනය තුළදී පිස්තෝලයක් ළඟතබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමත් සමගයි.

ඒ අනුව ලබන සතියේ පැවැත්වෙන තරඟ සඳහා දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි වික්ටෝරියා බලධාරීන් තීරණය කර ඇත්තේ.

පසුගිය බ්‍රහස්පතින්දා කාල්ටන් සහ කොලින්වුඩ් තරඟය අතරතුර සැකකරුවන්ගේ නොමනා හැසිරීම මත සැකකරුවන්ට ක්‍රීඩාංගනයෙන් ඉවත්වෙන ලෙස MCG ආරක්ෂකයින් දැනුම් දී තිබුණා.

පසුව නිලධාරීන් විසින් මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන සෝදිසි කිරීමේදී එක් අයෙකුගේ යට ඇඳුමක තිබී උණ්ඩ පිරවූ පිස්තෝලයක් හමුවී තිබෙනවා.

සිද්ධිය සිදුවන විට MCG ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයින් 82,000 ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »