IPL ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ ??? – AusLanka TV – Australian News for the Sri Lankan community

IPL ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ ???

IPL ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ ???

ඉන්දියාවේ කොරෝනා වසංගතය උත්සන්න වීම හේතුවෙන් කල් දමනු ලැබූ අයි පී එල් තරගාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මෙරට ක්‍රිකට් බලධාරින් කැමැත්ත පළ කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි ප්‍රකාශ කළේ තරගාවලිය සම්පූර්ණ කිරීම සඳහා අනෙකුත් ක්‍රිකට් පාලක මණ්ඩල සමග සාකච්ඡා කරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන පරිදි අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි කොටස සැප්තැම්බරයේ මෙරටදී පැවැත්විය හැකි බවයි.

COMMENTS