
මාස 8 කට පසු ඔස්ට්‍රේලියා කොටස් වෙළඳ පොළේ විශාලතම අලාභය ඊයේ වාර්තා වුණා.
එය ඩොලර් බිලියන 56.6 ක්.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුළුල් තීරුබදු හේතුවෙන් ලොවපුරා කොටස් වෙළඳපොලවල් විශාල පහත වැටීමකට ලක්ව තිබෙනවා.

S&P/ASX 200 දර්ශකයට අනුව සියයට 2.4 කින් එනම් ඒකක 191.9 කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එහි ඒකක ගණන වාර්තාවන්නේ 7667.8 ක් ලෙසයි.

බලශක්ති සමාගම්වල කොටස්වලට විශේෂයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි කොටස් වෙළඳ පොළ වාර්තා පවසන්නේ.
බලශක්ති සමාගම්වල කඩා වැටීම සියයට 8 ක් වනවා.