
ඔස්ට්‍රේලියාවේ සුපර් ෆන්ඩ්ස් ආයතන කිහිපයකට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් මේ වනවිට ඩොලර් ලක්ෂ ගණනක් සොරකම් කර ඇතැයි වාර්තා පළවනවා.
අද ඔස්ට්‍රේලියන් සුපර්, රෙස්ට් සහ ඉන්සිග්නියා මූල්‍යායතනවලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා.
සයිබර් ප්‍රහාරකයින් සාමාජිකයින්ගේ ගිණුම්වල මුරපද භාවිත කරමින් මෙම මුදල් සොරාගෙන ඇති බවයි ජාතික සයිබර් ආරක්ෂණ සංවිධානය පවසන්නේ.

ඇතැම් ගණුදෙණුකරුවන් සිය ගිණුම ඩොලර් 0 ක ශේෂයක් ඇති බව පවසමින් පැමිණිලි ලැබී ඇතැයිද වාර්තා වනවා.
පසුගිය සතියේ සිට සුපර් ෆන්ඩ්ස් ගිණුම්වල සැක කටයුතු ක්‍රියාකාරකම් ඉහළ ගොස් තිබූ බවයි ඔස්ට්‍රේලියන් සුපර් හි ප්‍රධාන සාමාජික නිළධාරී රෝස් කර්ලින් කියාසිටියේ.

අන්තර්ජාල ක්‍රියාකාරකම් වලින් ආරක්ෂාවීමට පියවර ගන්නා ලෙසද සාමාජිකයින් දැනුවත් කළ බව කර්ලින් සඳහන් කළා.
සුපර් ෆන්ඩ්ස් ආයතනය සතුව මේ වනවිට ඩොලර් බිලියන 360 ක වත්කමක් පවතිනවා.
මේ අතර ඔස්ට්‍රේලියාවේ සෑම මිනිත්තු 6 කට වරක් සයිබර් ප්‍රහාර සිදුවන බවත් මේවා වැළැක්වීමට තම රජය මේ වනවිටත් අරමුදල් සපයා ඇති බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ.