Search

එමිරේට්ස් ඔස්ට්‍රේලියා මගීන්ට දුන් සුපිරි අත්දැකීම

එමිරේට්ස්, ඔස්ට්‍රේලියාවේ සිය පළමු පන්තියේ මගීන් වෙනුවෙන් අලුත්ම වෙනසක් සිදුකර තිබෙනවා.

‘Game Changer’ ලෙස හැඳින්වෙන මෙම සුපිරි අත්දැකීම මෙම සතියේ සිට පළමු පන්තියේ මගීන් වෙනුවෙන් ලබාගත හැකි බවයි එමිරේට්ස් ගුවන් සමාගම පවසන්නේ.

ඒ අනුව එමිරේට්ස් හි Boeing 777-300ER දරණ ගුවන් යානයේ සුපිරි කැබින් 4 ක් හඳුන්දී ඇති බව එමිරේට්ස් සමාගම කියාසිටියා.

එම සුවිශේෂී පළමු පන්තියේ කැබින් ඔස්ට්‍රේලියාවට හඳුන්වාදුන් පළමු සමාගම ලෙසද එමිරේට්ස් පත්වනවා.

එය මෙල්බන් සිට ඩුබායි දක්වා පියාසර කරන එමිරේට්ස් හි තුන්වන සෘජු ගුවන් සේවාව වනු ඇති.

මෙම ගුවන් යානය Mercedes-Benz S- ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර, එහි ඇති උසස් තාක්ෂණික මෙවලම් මෙන්ම ඉඩකඩ සහිතව මනා පෙනුම සුවිශේෂී නිර්මාණයක් බවයි සමාගම පවසන්නේ.

සුඛෝපභෝගී විනෝදාස්වාදයක් මෙන්ම සුපිරි ආහාර බොජුන් රසවීඳීමේ අවස්ථාවද එමිරේට්ස් මගින් ඔස්ට්‍රේලියානුවන්ට දැන් උදාවී තිබෙනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »