
දුරකථනයේ එලාම් එක නිසා දිවි බේරාගත් කාන්තාවක් පිළිබඳ මෙල්බන් නගරයෙන් වාර්තා වනවා.
ඊයේ උදේ 6 ට පමණ සිය නිවස ගිනි ගන්නා බවට කිසිවක් නොදැන මෙම කාන්තාව නිදාසිටි නමුත් දුමාරය හෝ කිසිම සංඥාවකින් ඇය අවදිවී නොමැති බවයි ඇය පොලීසියට පවසා ඇත්තේ.
කෙසේනමුත් ගින්න අතරතුර සිය දුරකථන එලාම් එක නාදවීම නිසා ඇය අවදීමෙන් පසුවයි ගින්න පිළිබඳ අනාවරණය වී ඇත්තේ.

මෙල්බන් හි Craigieburn ප්‍රදේශයේ ඇති ගින්නෙන් නිවසේ අඩක් පමණ විනාශ වී ඇති බවයි ගිනි නිවන කාර්යංශය පවසන්නේ.
නිවසේ තනිව වාසය කළ මෙම කාන්තාව පවසන්නේ නිවසේ ඇති ගිනි ආරක්ෂක සංඥා ද අක්‍රීය වී තිබූ බවයි.

දුම් ආශ්වාස කිරීමට ලක්වීමෙන් පසු ඇයව වික්ටෝරියා ගිලන් රථ සේවා මගින් එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබා දී ඇති බවද සඳහන්.
විනාඩි 17 ක් ඇතුළත ගින්න පාලනය කර ඇති අතර ගිනි නිවන භටයින් 33 දෙනෙකු ඊට යෙදවූ බවයි ගිනි නිවීමේ කාර්යංශය පවසන්නේ.
ගින්නට හේතුව සෙවීමේ පරීක්ෂණ සිදුවෙමින් පවතින බව වික්ටෝරියා පොලීසිය සඳහන් කළා.