
සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ශ්‍රම සූරාකෑම වැළැක්වීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන ගණනක අරමුදලක් වෙන්කර තිබෙනවා.
ඒ අනුව තාවකාලික වීසා බලපත්‍රහිමියන් දැනුවත් කිරීම් වෙනුවෙන් ඩොලර් මිලියන 13.25 ක මුදලක් ප්‍රදානය කර ඇති බවයි ඔස්ට්‍රේලියා රජය පවසන්නේ.
සංක්‍රමණික කම්කරුවන්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට මෙන්ම ශ්‍රම සූරාකෑම වැළැක්වීම වෙනුවෙන් ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක වනු ඇති.

මෙම නව වැඩපිළිවෙලට තාවකාලික වීසා හිමියන් සහ ඔවුන්ගේ සේවා යෝජකයින් ද දැනුවත් කිරීමට නියමිතයි.
වැඩසටහන් මගින් විශේෂඥ දැනුම ලබාගැනීමට සඳහා සංක්‍රමණික ශ්‍රමිකයින්ට සහ සේවා යෝජකයින්ට අයදුම්පත් ලබාදෙන ලෙස රජය ඉල්ලා සිටිනවා.

අයදුම්පත් ලබාගැනීම මේ වසරේ අප්‍රේල් 28 වන තෙක් ක්‍රියාත්මකයි.
අයදුම් කළ යුතු ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා Current Grant Opportunity View – GO7648: GrantConnect වෙත ඔබට පිවිසිය හැකි වනවා.