
සිසුවෙකුට අමානුෂික ලෙස පහරදුන් තවත් සිසුවෙක් පිළිබඳ බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
පර්ත් Ellenbrook ප්‍රදේශයේ පදිංචි මෙම 14 හැවිරිදි සිසුවාගේ හකු කැඩී ගොස් ඇති අතර මොළයේ ලේ ගැලීමක් ද සිදුව ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඔහු ඊයේ ශෛල්‍ය කර්මයකට ද භාජනය කර ඇති බවද වාර්තා වනවා.

වෙළඳ සංකීර්ණයක් තුළ සිදුවූ මෙම පහරදීම සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා පවසන්නේ මෙවැනි අපරාධකරුවන් ඇප මත නිදහස් කර නිදහසේ සිටීමේ භයානක තත්වයක් බවයි.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් බටහිර ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ඇප මත මුදා හැරීම පොලීසියේ කාර්යයක් නොව අධිකරණයේ තීන්දුවක් බවයි.

මේ අතර අදාල පාසල් විදුහල්පතිවරයා අවධාරණය කර සිටියේ ප්‍රහාරය එල්ලකළ සිසුවාට උපරිම දඩුවම් ලබාදීමට කටයුතු කරන බවයි.