
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදුවලට එරෙහිව චීනය ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සියලු අමරිකානු භාණ්ඩ සඳහා සියයට 34 ක බද්දක් පනවා තිබෙනවා.
අමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් චීනය ඇතුළු රටවල් 180 කට අධික සංඛ්‍යාවකට භාණ්ඩ සඳහා පුළුල් තීරු බද්දක් ඊයේ ප්‍රකාශයට පත්කළා.
ඒ අනුව එක්සත් ජනපදයට චීන ආනයන සඳහා අදාල වන තීරු බදු ලබන අප්‍රේල් 9 වනදා සිට සියයට 34 කින් ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම පෙර තීරු බදු ඇතුළුව සමස්ත තීරු බදු අනුපාතය සියයට 54 ක් බවයි චීන මාධ්‍ය වාර්තා පවසන්නේ.
චීනයේ වාණිජ අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් කියාසිටියේ ජාතික ආරක්ෂාව සහ අවි ප්‍රසාරණය වැනි ජාත්‍යන්තර සබඳතා මත මෙම තීරු බදු පැනවූ බවයි.

මේ අතර චීනය එක්සත් ජනපදයේ තීරු බදු වලට එරෙහිව ලෝක වෙළඳ සංවිධානයේදී නීතිමය පියවරයන්ද ක්‍රියාත්මක කර තිබෙනවා.