Search

සංචිත බැංකුවේ පොලී අනුපාතය ගැන ආර්ථික විශේෂඥයින්ගේ මත

ඔස්ට්‍රේලියා සංචිත බැංකුව ලබන මාසයේ පොලී අනුපාත අඩුකරනු ඇතැයි ANZ ආර්ථික විශේෂඥයින් පවසනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියා ප්‍රධාන බැංකු සියල්ල කියාසිටියේ මෙම වසරේ අඛන්ඩව මුදල් අනුපාත කප්පාදු තුනක් පුරෝකථනය කර ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු නිවේදනය මගින් ගෝලීය මූල්‍ය වෙළඳපොලවල්හි ඇතිවූ දැවැන්ත පසුබෑමෙන් පසුවයි ANZ විසින් මේ බව අනාවරණයකර ඇත්තේ.

ට්‍රම්ප්ගේ තීරු බදුවලින් එක්සත් ජනපදයේ ආර්ථිකයට ඇති බලපෑම හමුවේ ඔස්ට්‍රේලියාවේ සංචිත බැංකුව වැනි මහ බැංකු එහි බලපෑමට ලක්වන බවද විශේෂඥයින් පෙන්වාදෙනවා.

ඒ හේතුවෙන් ANZ ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කරන්නේ මැයි, ජූලි සහ අගෝස්තු මාසවලදී ද සංචිත බැංකු අනුපාතය අඩු කරනු ඇති බවයි.

එසේවුවහොත් ණය ගැණුම්කරුවන්ට මසකට ඩොලර් 269 ක් ඉතිරි කර ගත හැකි බව ANZ කියාසිටියා.