
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය පසුගිය මාසයේ අග භාගයට සාපේක්ෂව අප්‍රේල් දින කිහිපයේ සුළු පහලයාමක් වාර්තා වනවා.
අද දිනයේ ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 190.65 ක් ලෙසයි.
එහි ගැණුම් මිළ වන්නේ රුපියල් 181.54 ක්.

මේ අතර අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 300 යි ශත 68 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 292 යි ශත 01 ක් වනවා.
එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 329.87 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 317.09 ක් ලෙසයි.
