
බාල වයස්කාර දැරියක් සමූහ දූෂණයට ලක්කළ පාසල් සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට හෝමාගම පොලීසියට හැකිවී තිබෙනවා.
15 හැවිරිදි පාසල් දැරියක සිය පෙම්වතා බව කියන පාසල් සිසුවා සහ තවත් සිසුන් හත් දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.
දැරියගේ දෙමාපියන් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

එම දැරියව වෛද්‍ය පරීක්ෂණ සඳහා මේ වනවිට හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය පවසා තිබුණේ.
දූෂණයට ලක්වූ මෙම පාසල් සිසුවිය උපකාරක පන්තියකට සහභාගි වන බව පවසා සිය පෙම්වතා වන පාසල් සිසුවා හමුවීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී සැකකාර පෙම්වතා බව කියන සිසුවා විසින් දැරිය රැගෙන ඔහුගේ මිතුරෙකු සිටින හෝමගම ප්‍රදේශයේ නිවසකට ගොස් එම නිවසේදී දැරිය දූෂණයට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව උදෑසන 9ත් සවස 3ත් අතර පැය හයක කාලයක් ඇතුළත තවත් නිවාස තුනකට රැගෙන ගොස් වින්දිත දැරිය සැකකාර පාසල් පෙම්වතා ඇතුළු ඔහුගේ මිතුරන් විසින් වරින්වර බරපතළ ලිංගික අපයෝජනය ලක් කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේම පාසල්වල ඉගෙනුම ලබන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.
ඔවුන්ගෙන් පාසල් සිසුන් පස්දෙනා අවුරුදු 15ත් 16ත් අතර වයස්වල සිටින අතර, අනෙක් දෙදෙනා අවුරුදු 17ත් 19ත් අතර බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් විසින් පාසල් දැරිය ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.