Search

සමලිංගික සහ තනිකඩ කාන්තාවන්ටත් රජයෙන් අලුත් මෙඩිකෙයා සහනයක්

සමලිංගික සබඳතා ඇති කාන්තාවන්ට සහ තනි කාන්තාවන්ට ප්‍රජනන තාක්ෂණය වෙනුවෙන් මෙඩිකෙයා වෙත ප්‍රවේශවීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අනුව IVF සහ අන්තර් ගර්භාෂ සංසේචනය වැනි ප්‍රජනන තාක්ෂණයන් මෙඩිකෙයා හරහා ඔවුන්ට හිමි වනු ඇති.

ෆෙඩරල් රජයේ මෙම තීරණයෙන් රට තුළ ගැටළුවක්ව පවතින වඳභාවයට විසඳුමක් ලැබෙනු ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.

සමලිංගික කාන්තාවන්ට මෙන්ම තනිකඩ කාන්තාවන්ට IVF සඳහා යොමුවීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවද සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා.

ඒ හේතුවෙන් සමලිංගික පවුල් සඳහා වන ලාභ නොලබන සංවිධානයක නියෝජිතයෙකු පැවසුවේ මෙය සිය ප්‍රජාව ලබාගත් දැවැන්ත ජයග්‍රහණයක් බවයි.

සමලිංගික පුද්ගලයින්ට අනෙක් සාමාන්‍ය පවුල් මෙන් සලකන බවට සහතික කිරීම වෙනුවෙන් ඔවුන් ෆෙඩරල් රජයට සිය ප්‍රශංසාව පළකර සිටියා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »