
ඔස්ට්‍රේලියාවේ සුපර් ෆන්ඩ්ස් ආයතන කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ ඔස්ට්‍රේලියන් සුපර්, රෙස්ට් සහ ඉන්සිග්නියා මූල්‍යායතනවලටයි.
සයිබර් ප්‍රහාරකයින් සාමාජිකයින්ගේ ගිණුම්වලට ඇතුලත් වී ඇති බවද වාර්තා වනවා.

ජාතික සයිබර් ආරක්ෂණ සම්බන්ධීකාරක ලුතිනන් ජෙනරාල් මිෂෙල් මැක්ගිනස් තහවුරු කර සිටියේ ෆෙඩරල් බලධාරීන් මෙම සයිබර් ප්‍රහාරය ගැන දැන සිටි බවයි.
සයිබර් අපරාධකුරුවන් විශ්‍රාම අරමුදල් රාශියක තනි ගිණුම් හිමියන් ඉලක්ක කර ගනිමින් සිටින බවද ලුතිනන් ජෙනරාල්වරයා වැඩිදුරටත් කියාසිටියාඩ.

මේ වනවිට ගණුදෙණුකරුවන් 4 දෙනෙකුගේ පමණ දහස් ගණනක මුදලක් සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සුපර් ඇනුවේෂන් විසින් ලබාදී ඇති සයිබර් ආරක්ෂණ උපදෙස් පිළිපදින ලෙස ජාතික සයිබර් ආරක්ෂණ ආයතනය ගණුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.