Search

TikTok ට ඇමරිකාවෙන් තවත් ලංසුවක්

ඇමේසන් සමාගම TikTok යෙදුම මිලදී ගැනීම සඳහා ලංසුවක් ඉදිරිපත් කර ඇතැයි ධවල මන්දිර ප්‍රකාශකයෙකු පවසනවා.

ඒ අනුව ඇමසන් යෝජනාව එක්සත් ජනපද උප ජනාධිපති ජේඩී වැන්ස් සහ වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් වෙත ලිපියක් යොමු කරමින් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා ඇමරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීණය කර සිටියේ TikTok තහනම් කළ යුතු බවයි.

එහෙත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් TikTok යෙදුම තවත් දින 75 ක් දක්වා රට තුළ ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදුන්නා.

මේ අතර TikTok යෙදුම මිලට ගැනීමට ටෙස්ලා සමාගමේ හිමිකරු ඊලෝන් මස්ක් ඇතුළු ධනවතුන් රැසක් ද මීට පෙර ලංසු තිබෙනවා.

කෙසේවෙතත් TikTok හි හිමිකරු ByteDance යෙදුම විකිණීමට සැලසුම් කර ඇති බවට වාර්තා වී නොමැති බවයි නිව්යෝර්ක් ටයිම්ස් සඳහන් කරන්නේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »