Search

වික්ටෝරියා පාතාල කල්ලි නායකයාට වසර 20 කට පසු ඇප

දශක දෙකකට ආසන්න කාලයක් සිරගතව සිටි ඔස්ට්‍රේලියාවේ පාතාල කල්ලි නායකයෙක් අද ඇප මත මුදාහැර තිබෙනවා.

59 හැවිරිදි Tony Mokbel අද උදෑසන බන්ධනාගාරයේ සිට දැඩි රැකවල් මත මෙල්බන් අධිකරණයට රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

ඩොලර් මිලියන ගණනක මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නායකත්වය දැරීම ඔහුට එරෙහි චෝදනාවයි.

පාතාල කල්ලි නායකයා සිය නීතීඥයා හරහා ඇප ඉල්ලුම්කර තිබෙනවා.

ඒ අනුව අපරාධකරුගේ අයපත් සෞඛ්‍ය තත්වය සලකා ඔහු ඇප මත නිදහස් කිරීමටයි අභියාචනාධිකරණ විනිසුරුවරුන් තුන් දෙනෙකු අද තීන්දු කර ඇත්තේ.

ඔහුගේ සහෝදරිය විසින් ඩොලර් 850,000 ක ශරීර ඇපයක් ලබාදී ඇති අතර දිනපතා පොලීසියට වාර්තා කිරීම ඇතුලු දැඩි ඇප කොන්දේසි සහිතව පාතාල කල්ලි නායකයා අද නිදහස් කරනු ලැබුවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »