
ඔස්ට්‍රේලියාවේ සෑම අගනගරයකම නිවාස කුලිය වාර්තාගත ලෙස ඉහළගොස් ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව මෙම වසර තුළ නිවාස කුලිය සියයට 3.2 කින් වැඩි වී ඇති බවයි වසරේ පළමු කාර්තු වාර්තාවේ දැක්වෙන්නේ.
නිවාස සැපයුමේ සුළු වැඩිවීම මිල වර්ධනයට හේතුවන්නට ඇති බව පර්යේෂණ හා ආර්ථික විද්‍යා ප්‍රධානී ආචාර්ය නිකොල් පවෙල් පවසනවා.

එහෙත් නිවාස ඉල්ලුම සම්පූර්ණයෙන් සපුරාලීමට එය ප්‍රමාණවත් නොවන බවයි ඔහු කියාසිටියේ.
ඉදිකිරීම් සඳහා පෙබරවාරි මාසයේදී අනුමත කරන ලද නව නිවාස සංඛ්‍යාව සියයට 0.3 කින් එනම් 16,606 ක් දක්වා පහත වැටී ඇති බවයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යංශය පෙන්වාදෙන්නේ.

2029 වනවිට නිවාස මිලියන 1.2 ක ඉලක්කයක් සපුරාලීම ෆෙඩරල් රජයේ ඉදිරි වැඩපිළිවෙල වනවා.
එනම් මසකට නව නිවාස 20,000 ක් ඉදිකරන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් පසුගියදා මැතිවරණ වේදිකාවේ කියාසිටියේ.