Search

WA පාසල්වලට පැනවූ තහනමක් අමාත්‍යවරයා යළි හරවයි

බටහිර ඔස්ට්‍රේලියා පාසල්වලට  පැනවූ තහනමක් යළි හැරවීමට අධ්‍යාපන අමාත්‍ය Sabine Winton දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

පසුගිය මාර්තු 27 වනදා බටහිර ඔස්ට්‍රේලියාවේ පාසල් වැඩසටහන්වලදී බයිසිකල්වල ඇති chain සහ sprocket ආරක්ෂකය නොමැතිව භාවිත කිරීම තහනම් බවයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව සියලු රජයේ පාසල් වෙත දැනුම්දුන්නේ.

ඒ පාසලේදී බයිසිකල් පැදීමෙන් සිසුන්ට සිදුවන අනතුරු වළක්වාලීමේ අරමුණින්.

මෙම පියවර හේතුවෙන් පාසල් අධ්‍යාපන වැඩසටහන් සඳහා සිසුන්ගේ මැදිහත්වීම ක්ෂණික පසුබෑමකට ලක්ව ඇති බවයි බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන බලධාරීන් පවසන්නේ.

එමෙන්ම ඇතැම් ළමුන් පාසල් එළිමහන් අධ්‍යාපන වැඩසටහන් සඳහා ද සහභාගි නොවන බවද වාර්තා වනවා.

අධ්‍යාපන වැඩසටහන් සඳහා දරුවන්ගේ සහභාගිත්වය පැහැදිලි ලෙස අඩුවීම හේතුවෙන් එම තහනම ඉවත් කිරීමට උපදෙස් දුන් බවයි අධ්‍යාපන අමාත්‍ය Sabine Winton කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »