Search

ඔස්ට්‍රේලියාවේ 9,10 වසරවල සිසුන් ගෙයක් හදා විකුණයි

නිව් සවුත්වේල්ස් හි Lismore උසස් පාසලෙහි සිසුන් පිරිසක් ඉදිකළ පළමු කුඩා නිවස වෙන්දේසි කර තිබෙනවා.

ඊයේ සිදුකළ වෙන්දේසියේදී එය ඩොලර් 65,000 කට අලෙවි වී ඇති බවයි වාර්තා වන්නේ.

එම පාසලේ 9, 10 වසරවල සිසුන් පසුගිය මාස 9 තුළ ගොඩනැගිලි වෙළඳාම් උපක්‍රම පිළිබඳ අධ්‍යයනයක යෙදී තිබෙනවා.

එය එතරම් මිලකට අලෙවීම පිළිබඳ සතුටු වන බව පැවසූ 10 වසරේ සිසුවෙකු සඳහන්කර ඇත්තේ යළිත් මෙවැනි ගොඩනැගිලි ඉදිකිරීමට ඔවුන් පෙළඹුනු බවයි.

මෙම සිසුන් 12 දෙනා වෘත්තීය ඉදිකරන්නන්, විදුලි කාර්මිකයන් සහ ජලනල කාර්මිකයන් සමග අත්හදා බැලීම් මගින් මෙම නිර්මාණය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

Lismore උසස් පාසලේ විදුහල්පතිවරයා කියාසිටියේ 2022 ගංවතුරෙන් ගංගා ආශ්‍රිත නිවාස සිය ගණනක් අහිමිවීමේ හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.

සිසුන් ඉදිකළ මෙම නිවසේ එක් නිදන කාමරයක් ඇතුළු සියලු අවශ්‍යතා සපිරෙන එකතු කිරීම් රාශියක් සිදුකර ඇති බව Lismore උසස් පාසලේ විදුහල්පතිවරයා වැඩිදුරටත් කියාසිටියා.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »