
පසුගිය දශකයේ ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයන් හි ප්ලාස්ටික් දූෂණය අඩු වී ඇතැයි CSIRO පර්යේෂණ ආයතනය පවසනවා.
එය සියයට 39 කින් පහත වැටී ඇති බවයි පර්යේෂණ වාර්තාවේ දැක්වෙන්නේ.
ඊයේ ප්‍රකාශයට පත් කළ මෙම සමාලෝචනයට අනුව සමීක්ෂණ 1,907 කින් විවිධාකාරයේ සුන්බුන් 8,383 ක් හමු වී තිබෙනවා.

මෙම සුන්බුන් අතර සිගරට් කොටස් සහ polystyrene කැබලි සුලභව හමුවූ බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ.
2030 වසර වනවිට ලොව පුරා ජලය ආශ්‍රිත පරිසරයන් හි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය වසරකට මෙට්‍රික් ටොන් 53 ක් දක්වා ළඟාවනු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාව තුළ ප්ලාස්ටික් තුරන් කිරීම වෙනුවෙන් නව නීති හඳුන්වාදීම, මහජනතා දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම සහ ඵලදායී ව්‍යාපාරවල කාර්යක්ෂමතා ඇගයීම් වැනි ව්‍යාපෘති CSIRO පර්යේෂණ ආයතනය විසින් ඔස්ට්‍රේලියාවට යෝජනා කර තිබෙනවා.