
ජාත්‍යන්තර සංවිධානාත්මක මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ සහෝදරයන් දෙදෙනෙකුට මෙල්බන් අධිකරණයකින් චෝදනා එල්ල වී තිබෙනවා.
කොකේන් කිලෝග්‍රෑම් 80 ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට පත් වූ බවයි වික්ටෝරියා පොලීසිය පැවසුවේ.
Seabrook හි පදිංචි 38 හැවිරිදි එක් පුද්ගලයෙකු ලබන ජූලි මස 23 වන දින නැවත අධිකරණයට ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ.

Sunshine හි පදිංචි 32 හැවිරිදි අනෙක් සහෝදරයා එදිනම අධිකරණයේ පෙනීසිටින තෙක් ඇප මත නිදහස් කර ඇති බව සඳහන්.
ඔවුන් මෙල්බන් වරායේ රඳවා ඇති නැව් බහාලුම් ඉලක්ක කරගෙන නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ආනයනය කර ඇති බවටයි පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ.

එමෙන්ම මෙම සහෝදරයින් දෙදෙනා වෙනත් ජාත්‍යන්තර අපරාධ කල්ලි විසින් කුලියට ගත් වෘත්තිකයන් දෙදෙනෙකු බවටයි වාර්තා වන්නේ.
AFP ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය මත් ද්‍රව්‍ය රැගෙන ආ කන්ටේනරය හඳුනාගැනීම සහ පරීක්ෂා කිරීම් සිදුකර තිබෙනවා.
එම නැවගත කිරීම් තුළ සඟවා තිබූ කොකේන් කිලේ 80 කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට AFP නිළධාරීන් සමත්වුණා.
එම කොකේන් තොගයේ වටිනාකම ඩොලර් මිලියන 32 ක් වනු ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා.