Search

මැයි 3 යළි අගමැතිවුනොත් ට්‍රම්ප්ගේ Tax වලට උත්තර දෙන බව ඇල්බනීස් කියයි

මැයි 3 වනදා නැවත තේරීපත්වුහොත් ජනාධිපති ට්‍රම්ගේ තීරු බදුවලට ප්‍රතිචාර දක්වන බව ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

අමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් අද ඔස්ට්‍රේලියාවට සියයට 10 ක අපනයන තීරු බද්දක් පැනවුවා.

ඒ පිළිබඳ විවේචනය කරමින් ඇල්බනීස් මෙල්බන් මාධ්‍ය හමුවකදී කියාසිටියේ තමා පියවර 5 කින් ඇමරිකාවේ තීරු බදුවලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවයි.

තීරු බදු වලින් පීඩාවට පත් අංශ වලට ඩොලර් මිලියන 50 ක් ලබාදීම, ඩොලර් බිලියනයක ආර්ථික ඔරොත්තු දීමේ වැඩසටහනක් ස්ථාපිත කිරීම සහ ඛනිජ සංචිතයක් ස්ථාපිත කිරීම අගමැතිවරයාගේ පියවරයන් අතර වනවා.

අනෙක් පියවරයන් වන්නේ ඔස්ට්‍රේලියානු නිෂ්පාදනවලට ප්‍රමුඛතාවය ලබාදීම සහ ප්‍රති-බැහැර කිරීමේ නීති ශක්තිමත් කිරීමයි.

ට්‍රම්ගේ නව තීරු බදු සම්බන්ධයෙන්  එක්සත් ජනපද නිදහස් වෙළඳ ගිවිසුම හෝ ලෝක වෙළඳ සංවිධානය යටතේ යෝජනාවන් ඉදිරිපත් කරන බවයි අගමැති ඇල්බනීස් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.