
වික්ටෝරියාවේ උණ රෝගීන් පසුගිය වසරේ මුල් කාර්තුවට වඩා දෙගුණයකට ආසන්න වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ හේතුවෙන් ඊට අදාල එන්නතක් ලබාගන්නා ලෙසයි වික්ටෝරියානු වැසියන්ගෙන් සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටින්නේ.
මේ වසරේ ප්‍රාන්තය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගීන් 10,600 ක් මේ වනවිටත් හඳුනාගෙන ඇති අතර එය 2024 ට සාපේක්ෂව 5000 ක වැඩිවීමක් බව ඔවුන් පෙන්වාදෙනවා.

එළඹෙන ජූනි සහ ජූලි මාසවලදී උණ රෝගීන් වැඩිගණනක් වාර්තාවනු ඇති බවට අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී වෛද්‍ය තරුන් වීරමන්ත්‍රී කියාසිටියේ උණ එන්නත් ලබාගැනීමට හොඳම කාලය අප්‍රේල් මාසය බවයි.

ප්‍රතිදේහ මගින් ශරීරය ආරක්ෂා කිරීමට සති කිහිපයක් ගතවන බැවින් මෙම මාසය තුළ එන්නත් ලබාගැනීම යෝග්‍ය බව වෛද්‍යවරයා වැඩිදුටත් සඳහන් කළා.
එමෙන්ම මාස 6 ත් අවුරුදු 5 ත් අතර ළමුන් සඳහා නොමිලේ ඉන්ෆ්ලුවන්සා එන්නත ලබාදෙනු ඇති.
එසේම අවුරුදු 65 ට වැඩි සහ ගර්භනී කාන්තාවන්ටද මෙම එන්නත නොමිලේ නිකුත් කරනු ලබනවා.