
වික්ටෝරියාවේ ගෘහස්ථ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ සේවාවන්හි වෙනසක් සිදුකිරීමට රජය සූදානම් වනවා.
ඒ අනුව 2027 වසරේ ජූලි මාසය වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම කවුන්සිලයන් ෆෝ- බින් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.
මෙම ෆෝ- බින් සේවාව මගින් ප්‍රතිචක්‍රීකරණය ප්‍රමිතියකට අනුව සිදුකළ හැකි බවයි ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ.

මධ්‍යම ගෝල්ඩ්ෆීල්ඩ්ස් ෂයර් නගරාධිපතිවරයා පැවසුවේ වික්ටෝරියා රජය විසින් බලාත්මක කරන මෙම ඉදිරි වෙනස්කම් සඳහා ජනතාවගේ උපරිම සහය අපේක්ෂා කරන බවයි.
එබැවින් සියලුම වික්ටෝරියානුවන් 2027 ජූලි මාසය වනවිට ෆෝ-බින් ක්‍රමයට මාරුවිය යුතු බවයි නගරාධිපතිවරයා පෙන්වාදෙන්නේ.

මේ අතර 2027 වසරේ වෙනස්කම් හඳුන්වාදෙන තෙක් පවතින ක්‍රමයම ක්‍රියාත්මක කරන ලෙසද ඔහු සඳහන් කළා.