Search

දකුණු ඔස්ට්‍රේලියානුවන්ට ඇමරිකාවට යන්න පහසුවෙයි

දකුණු ඔස්ට්‍රේලියානු වැසියන්ට ඇඩිලේඩ් සිට එක්සත් ජනපදයට යාමට සෘජු ගුවන් ගමනක් වෙන්කර ගැනීමට දැන් හැකියාව පවතිනවා.

එක්සත් ජනපද ගුවන් සමාගමක් වන United Airlines මගින් සඳුදා, බදාදා සහ සෙනසුරාදා ලෙස සතියකට ගුවන් ගමන් තුනක් ධාවනය කරන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියානු සංචාරකයින් 2500 දෙනෙකුට 257 Boeing Dreamliner ගුවන් යානය හරහා පැය 15 කින් ඇමරිකාව බලා යා හැකි වනවා.

මෙය අනෙකුත් ගුවන් සමාගම්වලට ද පෙළඹවීමක් වනු ඇති බවයි දකුණු ඔස්ට්‍රේලියා අගමැති  Peter Malinauskas සඳහන් කළේ.

නව සංචාරයට දකුණු ඔස්ට්‍රේලියානු වැසියන් මිල ගණන් නොතකා තරඟකාරීව අමරිකාව බලා යාමට පෙළඹ වී ඇති බවයි ප්‍රාන්ත ගුවන් සේවා බලධාරීන් පවසන්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »