Search

පුතුගේ මරණයෙන් $ මිලියනයක් වංචා කළ පියාට නඩු

සිය පුතුගේ මරණය උපයෝගි කරගනිමින් ඩොලර් මිලියනයක මුදලක් වංචා කළ පියෙකු පිළිබඳව සිඩ්නි නගරයෙන් වාර්තා වනවා.

චූදිතයාගේ තුන් වැනි පුත්‍රයා 2003 වසරේදී සාප්පු මධ්‍යස්ථානයකදී අනතුරකින් මියගොස් තිබුණා.

පසුව මෙම පියා නඩුව ආවරණයට මුදල් අවශ්‍ය බව පවසමින් පුද්ගලයින්ගේ මුදල් එකතුකර ඇති බවයි පොලීසිය චෝදනා කරන්නේ.

පසුව වින්දිතයන්ට මුදල් ගෙවන බවට තීන්දුවීමෙන් අනතුරුව මොහු ඇපමත නිදහස් කර ඇති නමුත් මොහු විසින් දිගින් දිගටම මුදල් වංචා සිදුකර ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව මෙවර සෝදිසි කිරීමකදී මෙම පියා අත්අඩංගුවට ගෙන ඇති අතර වංචාවක් ලෙස මූල්‍යමය වාසි ලබාගැනීම හා රැවටීම ඔහුට එරෙහි චෝදනා වනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »