Search

මෙල්බන් පාසල් ළමුන් අතරට ගිය අසභ්‍ය ඡායාරූපය

මෙල්බන් පෞද්ගලික පාසලක පිරිමි ළමුන් අතර ළමා අපයෝජන ඡායාරූපයක් හුවමාරුවීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

පාසලේ 10 වසරේ ළමුන් 20 දෙනෙකු අතර ගැහැණු ළමයෙකු අපයෝජන ලක්කරන ඡායාරූපයක් මෙලෙස හුවමාරු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

එම පෞද්ගලික පාසලේම ගැහැණු දරුවෙකු බව පොලීසිය සැකපළකරනවා.

විදුහල්පතිවරයා පවසා ඇත්තේ දෙමාපියන්ගේ දැනුවත් කිරීම මත සිද්ධිය පිළිබඳ වික්ටෝරියා පොලීසියට දැනුම්දුන් බවයි.

ඊට අදාල සියලුම සිසුන්ගේ පවුල්වලට ද මේ පිළිබඳ දැනුවත් කළ බව පෞද්ගලික පාසලේ විදුහල්පතිවරයා ප්‍රකාශ කළා.

පසුගිය මාස 12 තුළ වික්ටෝරියා පාසල් තුළ මෙවැනි සිද්ධි රැසක් වාර්තා වූ බවයි වික්ටෝරියා පොලීසිය මාධ්‍යයට පවසා ඇත්තේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »