Search

දියවැඩියාවට ගන්නා ව්‍යාජ එන්නතක් ගැන ඔස්ට්‍රේලියාවෙන් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානු දේශසීමාවේදී නීති විරෝධී ව්‍යාජ එන්නත් පෑන් තොගයක් හමුවී තිබෙනවා.

ඒ අනුව Ozempic නිෂ්පාදනවල නීත්‍යානුකූලභාවය පරික්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට මෙන්ම සෞඛ්‍ය අංශ වෙතද අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒවා ව්‍යාජ නිෂ්පාදන ලෙස පෙනෙන අතර එම ඇසුරුම්වල අක්ෂර වින්‍යාසයේ වැරදි ඇති බවද සොයාගෙන තිබෙනවා.

නමුත් පෑන්වල ඇති කාණ්ඩ අංකයේ ඇති සමානතා මත අංක MPSD916 සහිත Ozempic නිෂ්පාදන 1mg පෑන මිලදී නොගන්නා ලෙසයි ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙන්නේ.

එය බරපතල සෞඛ්‍ය අවදානමක් ඇති බැවින් එය භාවිත නොකරන ලෙස ඔස්ට්‍රේලියා බලධාරීන් වැඩිදුරටත් කියාසිටියා.

මෙම පෑන් වර්ගය ඇති ඕනෑම අයෙකුට ඒවා ආරක්ෂිතව බැහැර කිරීම සඳහා දේශීය ෆාමසි වෙත රැගෙන එන ලෙසයි ඔස්ට්‍රේලියා සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කළේ.

Ozempic යනු දෙවන වර්ගයේ දියවැඩියාවට ප්‍රතිකාර කිරීමට සහ දිගු කාලීන තරබාරුව සඳහා භාවිත කරන එන්නත් කළ හැකි ඖෂධයක් වනවා.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »