Search

1,2 වසරේ ළමුන් පස් හැවිරිදි දැරියක ලිංගික හිංසනයට ලක් කරයි

ප්‍රාථමික පාසලක පස් හැවිරිදි දැරියකට සිදුවූ ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් පාසලේ 1 සහ 2 වසරවල සියලුම පිරිමි ළමුන්ට ක්‍රීඩා පිටිය තහනම් කිරීමේ පුවතක් සිඩ්නි නගරයෙන් වාර්තා වනවා.

සිඩ්නි නගරයේ වයඹ දෙසින් පිහිටි රජයේ පාසලකයි මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ.

පසුගිය මාර්තු 7 වනදා පිරිමි ළමුන් පිිරිසක් මෙම පස් හැවිරිදි දැරියට ලිංගික හිංසන සිදුකර ඇති බවට චෝදනා ලැබ තිබෙනවා.

පසුව සිය මව විසින් දැරියව පාසලෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ළමා භාරකාර කාර්යාලයේ අධීක්ෂණ යටතේ පරීක්ෂණයක් සිදුවෙමින් පවතිනවා.

පාසල් විදුහල්පතිවරයා පවසන්නේ මෙම සිද්ධිය හේතුවෙන් විවේක කාලයේදී පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් ක්‍රීඩා පිටියට පිවිසෙන කාලයන් වෙනස් කිරීමක් සිදුකළ බවයි.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »