Search

“Donkey Votes” ඔස්ට්‍රේලියා මැතිවරණයේදී වැටෙයි – මැතිවරණ කොමිසම කියයි

ඔස්ට්‍රේලියාවේ අනාගතය තීරණය කෙරෙන මීළඟ ෆෙඩරල් මැතිවරණය මැයි මස 03 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියා මැතිවරණ කොමිසම අනුමාන කරන්නේ මෙවරත් “Donkey Votes” යම් ප්‍රමාණයක් ඡන්ද පෙට්ටි වෙත වැටීමේ සම්භාවිතාවයක් පවතින බවයි.

ඡන්ද දායකයෙකු ඡන්ද පත්‍රිකාවේ දිස්වන අනුපිළිවෙලට සිය ඡන්දය සළකුණු කිරීම “Donkey Vote” ලෙස හදුන්වනවා.

ඇතැම් ඡන්ද දායකයන් මෙය හිතාමතාම සිදුකරන බවයි දේශපාලන විචාරක මතය වී ඇත්තේ.

නමුත් මැතිවරණයකදී ඡන්දය භාවිත කරන්නේ කෙසේද යනවග පිළිබඳ නිසි අවබෝධයක් නොමැති ඔස්ට්‍රේලිනුවන් විසින් ද නොදැනුවත්ව මෙය සිදු කරනු ලබනවා.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු නීතියට අනුව “Donkey Votes” සඳහා දඬුවම් හිමිවන්නේ නැහැ.

එම ඡන්ද ගණනය කිරීමකට ලක් වීමද කැපී පෙනෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ “Donkey Votes” සිදු නොකොට නිසි මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිය ඡන්දය භාවිත කරන ලෙසයි.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »