Search

අමෙරිකාව ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රැසකට තීරු බදු පනවයි

ඔස්ට්‍රේලියාව ඇතුලු අමෙරිකා එක්සත් ජනපදය වෙත භාණ්ඩ අපනයනය කරන රටවල් වෙත නව තීරුබදු පැනවීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම තීරණය ඔස්සේ ඔස්ට්‍රේලියානු ගව මස් (Beef) කර්මාන්තය වෙත විශාල බලපෑමක් එල්ල වනු ඇති.

අමෙරිකා ජනාධිපතිවරයා Liberation දින කතාවේදී මේ බව ප්‍රකාශ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවෙන් අමෙරිකාව වෙත ආනයනය කරන භාණ්ඩ සඳහා ද සියයට 44 ක තීරුබදු පැනවීමටයි මෙහිදී පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව අමෙරිකාව වෙත ඔස්ට්‍රේලියාව විසින් අපනයනය කරන භාණ්ඩ සඳහා මූලික වශයෙන් සියයට 10 ක නව තීරු බදු පැනවෙනු ඇති.

අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ පසුගිය වර්ෂයේදී පමණක් අමෙරිකාව ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් බිලියන 03 ක ගව මස් (Beef) ආනයනය කර ඇති බවයි.

නමුත් ඔස්ට්‍රේලියාව කිසිසේත්ම අමෙරිකානු ගව මස් ආනයනය නොකරන බවද අමෙරිකා ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

2003 වර්ෂයේ සිට ඔස්ට්‍රේලියාව විසින් අමෙරිකා එක්සත් ජනපදයේ ගව මස් ආනයනය තහනම් කර තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියානු ජෛව ආරක්ෂණ නීති යටතේයි.

ඔස්ට්‍රේලියාව සිය ගොවීන්ට බලපෑම් ඇතිවන ආකාරයෙන් ගව මස් (Beef) ආනයනය සිදු නොකරන බවයි ට්‍රම්ප් පවසන්නේ.

අමෙරිකාවද එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කළා.

ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් අමෙරිකා ජනපතිවරයාගේ මෙම තීරණය පිළිබඳ සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

ඔහු අද (03) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාව මිතුරෙකුගේ ක්‍රියාවක් නොවන බවයි.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »