
තත්පර 60 කට අඩු කාලයක් තුළදී මිනිස් මොළය පරික්ෂාවට ලක් කළ හැකි ජංගම දුරකතන ඇප්ලිකේෂනයක් (Smartphone App) නිර්මාණය කර තිබෙනවා.
BrainEye නම් මෙම ඇප්ලිකේෂනය (App) හරහා මිනිස් මොළය තුළ ඇතිවන කම්පන තත්වයන් නිසි පරිදි හදුනා ගැනීමට හැකි බවටයි පර්යේෂණ ඔස්සේ අනාවරණය වූයේ.
2022 වර්ෂයේදී AFL ක්‍රීඩකයන් 350 කට ආසන්න සංඛ්‍යාවක් දායක කර ගනිමින් මෙය සාර්ථකව සායනික අත්හදා බැලීමටක ද ලක් කර තිබෙනවා.

AI තාක්ෂණයෙන් බලගැන්වෙන මෙම ඇප්ලිකේෂනයේ තිරය මත තිතක් (Dot) දිස්වන අතර තත්පර 60 කට අඩු කාලසීමාවක් තුළදී මිනිස් ඇස් ඊට ප්‍රතික්‍රියා දක්වන කාලය ගණනය කිරීම සිදු වනවා.
වික්ටෝරියා පාපන්දු ලීගයේ (VFL) කාර්ය සාධන කළමණාකරු මැට් පාමර් පෙන්වා දී ඇත්තේ මෙම ඇප්ලිකේෂනය විශ්වාසදායී එකක් වන බවයි.

2022 වර්ෂයේදී සිදුකළ සායනික පරීක්ෂාවට අදාළ ප්‍රතිඵල අද (03) නිකුත් කර තිබෙනවා.
එහිදී අනාවරණය වී ඇත්තේ මිනිස් මොළයේ සිදුවන කම්පන තත්වයන් හදුනා ගැනීමෙදී මෙම ඇප්ලිකේෂන අතිසාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවයි.
මෙම තාක්ෂණය ඉදිරියේදී ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ විශාල වෙනසක් ඇති කරන බවටයි විචාරක මතය වී ඇත්තේ.
විශේෂයෙන්, එය ක්‍රීඩකයන් වෙත ඉදිරියේදී ඉතාමත් ප්‍රයෝජනවත් ඇප්ලිකේෂනයක් වනු ඇති.