
ගතවූ මාස 09 ක කාලය තුළදී අත්හිටුවන ලද ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නියෝජිතයන් පිළිබඳ නවතම තොරතුරු ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව OMARA හෙවත් සංක්‍රමණ නියෝජිත ලියාපදිංචි අධිකාරිය විසින් වසර 05 ක කාලයකට මෙලෙස තහනම් කර ඇති නියෝජිත ආයතන සංඛ්‍යාව 11 ක්.
ලැබුණු පැමිණිලි 33 ක් සළකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

සංක්‍රමණ නීති කඩකරමින් විවිධ අක්‍රමිකතාවල නිරත වීම මෙම පුද්ගලයන්ට එරෙහි චෝදනා වනවා.
ඔස්ට්‍රේලියානු සංක්‍රමණ අංශ ජනතාවට දැනුම්දෙන්නේ සෑම අවස්ථාවකදීම ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයන්ගේ සේවය පමණක් ලබාගන්නා ලෙසටයි.
