Search

2024 දී ඔස්ට්‍රේලියානුවන් Google හි වැඩියෙන්ම සෙවූ දෑ

2024 වසරේදී ඔස්ට්‍රේලියානුවන් විසින් Google හි වැඩියෙන්ම සොයන ලද දෑ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබෙනවා.

ඒ අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරණය පිළිබඳ තොරතුරුයි.

ඔලිම්පික් පදක්කම් ලැයිස්තුව දෙවන ස්ථානයටත් යුරෝපා පාපන්දු කුසලානය තුන්වන ස්ථානයටත් පැමිණ තිබුණු බවයි දැක්වෙන්නේ.

හදිසියේ මියගිය One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික ලියම් පේන් පිළිබඳ තොරතුරු හතරවන ස්ථානයට පත්ව තිබුණා.

ජනප්‍රිය ගායන ශිල්පිනී ටේලර් ස්විෆ්ට් පස්වන ස්ථානයට පත්ව තිබීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය කවියෙකු Connections පිළිබඳ තොරතුරු හය වන ස්ථානයටත් කෝපා – අමෙරිකා කුසලානය පිළිබඳ තොරතුරු හත්වන ස්ථානයටත් පැමිණ තිබුණා.

පිළිවෙලින් අට වන ස්ථානයේ සිට දස වන ස්ථානය දක්වා හිමිකර ගෙන තිබුණේ පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය, Ticketek (ටිකටෙක්) වෙබ් අඩවිය සහ පැරලිම්පික් ක්‍රීඩා උළෙල පිළිබඳ තොරතුරුයි.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »