
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් කිහිපයක අලෙවි කෙරෙන සලාද කොළ වර්ග කිහිපයක් ආපසු කැඳවා තිබෙනවා.
ඊට හේතුවී ඇත්තේ E coli (ඊ කොලි) බැක්ටීරියාව හඳුනා ගැනීමයි.
මේ අනුව Coles – Woolworths – Aldi සහ IGA යන සුපිරි වෙළඳසැල්වල අලෙවි කෙරෙන පැකට් කරන ලද සලාද කොළ විශේෂ කිහිපයකුයි මෙලෙස නැවත කැඳවා ඇත්තේ.

කෙසේවෙතත් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ කිසිදු සුපිරි වෙළඳසැලකට මෙම තත්වය බලපා නොතිබීමද විශේෂත්වයක්.
කල් ඉකුත්වීමේ දිනය අප්‍රේල් 09 වනදා දක්වා සඳහන්ව තිබූ සලාද කොළ නිෂ්පාදන වර්ග 50 ක් පමණ මෙලෙස ආපහු කැඳවා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු – නවසීලන්ත ආහර ප්‍රමිති ආයතනය ජනතාවට දැනුම් දෙන්නේ සලාද නිෂ්පාදන මිළදී ගැනීමේදී වඩාත් විමසිලිමත් වන ලෙසටයි.