Search

ජූලි 01 සිට සිදුවන ඔස්ට්‍රේලියා Skilled Visa අලුත්ම වෙනස්කම්

ලබන ජූලි 01 වනදා සිට Skilled Visa බලපත්‍ර හිමියන්ගේ අවම ආදායම් වට්ටම සියයට 4.6 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

එය සිදුවන්නේ වාර්ෂිකව සිදු කෙරෙන සතිපතා වැටුප් ආදායම් දත්ත මත පදනම්වයි.

වාර්ෂිකව කුසලතාවලින් පරිපූර්ණ සංක්‍රමණිකයන්ගේ වැටුප්, ඔස්ට්‍රේලියානු සේවකයන්ගේ වැටුප් ඉහළ යෑම හා සමාන අනුපාතයකින් ඉහළ යෑම මෙම ක්‍රියාවලිය හරහා සිදුවනු ඇති.

ඒ හරහා රට තුළ ස්ථාපිත සමාගම්වලට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි සේවකයන් වෙනුවට Skilled Visa බලපත්‍ර හිමි සංක්‍රමණිකයන් අඩු වැටුපකට බඳවා ගැනීමටද හැකි වන්නේ නැහැ.

නව සංශෝධනය හරහා මූලික කුසලතා ආදායම් සීමාව (The Core Skills Income Threshold) ඩොලර් 73,150 සිට ඩොලර් 76,515 දක්වා ඉහළ දැමෙනු ඇති.

Skills in Demand Visa (Subclass 482) සහ Employer Nomination Scheme Visa (Subclass 482) යන යෝජිත වීසා බලපත්‍ර අයදුම්කරුවන් (Nomination Applicants) සදහා ද මෙම සංශෝධනය අදාළ වනවා.

මේ යටතේ විශේෂඥ කුසලතා ආදායම් සීමාව ද (The Specialist Skills Income Threshold) ඩොලර් 135,000 සිට ඩොලර් 141,210 දක්වා ඉහළ යනු ඇති.

Skills in Demand Visa (Subclass 482) වීසා කාණ්ඩයේ යෝජිත අයදුම්කරුවන් (Nomination Applicants) සඳහා ද මෙය අදාළ වනවා.

ඊට අමතරව Temporary Skilled Migration Income Threshold යටතේ Skilled Employer Sponsored Regional Visa (Subclass 494) සහ Regional Sponsored Migration Scheme (Subclass 187) යන යෝජිත වීසා බලපත්‍ර ලාභීන්ගේ ආදායම් මට්ටමද ඩොලර් 73,150 සිට ඩොලර් 76,515 දක්වා ඉහළ දැමීමට නියමිතයි.

කෙසේවෙතත් මෙම වෙනස්කම් ඉහත වීසා බලපත්‍ර දැනටමත් හිමි පුද්ගලයන්ට සහ ලබන ජූලි 01 වනදාට පෙර ගොනුකරන වීසා අයදුම්පත් සඳහා අදාළ වන්නේ නැහැ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »