
ජීවිත රක්ෂණ ප්‍රතිලාභ ගැනීමේ අරමුණින් සිය මව ඝාතනය කළ පුතෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවීමේ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
පර්ත් හි ජීවත් වූ Andre Rebelo සිය මව මරා ඇගේ ඩොලර් මිලියනක ජීවිත රක්ෂණ මුදල් ලබාගැනීමේ සැලැස්මක් ඇති බවටයි තහවුරු වී ඇත්තේ.
බටහිර ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා තීන්දුව ලබාදෙමින් පවසා ඇත්තේ Rebelo ට සිය සුඛෝපභෝගී ජීවන රටාව පවත්වා ගැනීමට තිබූ මුදල ඔහු විසින් ම විනාශ කරගත් බවයි.

චූදිතයා විසින් ඉදිකරන ලද Bicton නිවසේදීම මව ඝාතනය කර ඇති බවද හෙළිව තිබෙනවා.
2020 වසරේ සිදුවූ මෙම ඝාතනයේදී සිය මව ස්වභාවික ලෙස මියගිය බවට මෙම පුතා උත්සහ කර තිබූ බවටයි පොලීසිය පවසන්නේ.

මව මියගිය පසු ඇගේ රක්ෂණ මුදල් ලබාගැනීමට Andre Rebelo දැඩි උත්සහයක් දරා ඇති අතර ඒ වෙනුවෙන් නීත්‍යානුකූල නොවන ලිපි ද සකස්කර තිබූ බවට පසුව හෙළිව තිබෙනවා.