
වික්ටෝරියා පාසල් නිළ ඇඳුම්වල පාසල් ලාංඡනය තහනම් කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
දෙමව්පියන්ගේ මුදල් ඉතිරිකර ගැනීමේ අරමුණින් මෙය සැලසුම් කර ඇති බවයි වික්ටෝරියා අගමැති ජසින්ටා ඇලන් සඳහන් කර ඇත්තේ.
ඒ අනුව 2026 වසරේ සිට වික්ටෝරියානු රජයේ පාසල්වල කලිසම්, සාය හෝ මේස් මත පාසල් ලාංඡනවලට අවසර නොමැති බවයි අධ්‍යාපන අමාත්‍ය බෙන් කැරොල් පවසන්නේ.

නමුත් බ්ලේසර්, ෂර්ට්, ටී – ෂර්ට් හෝ තොප්පි මත පාසල් ලාංඡනය තැබීම සිදුකළ හැකි බව ද ඔවුන් පෙන්වාදෙනවා.
බොහෝ රජයේ පාසල්වල මිල අධික සන්නාම යටතේ පවතින නිළ ඇඳුම් මිලට ගැනීමට සිසුන්ට ඉල්ලීම් කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සාමාන්‍ය නිළ ඇඳුමට සාපේක්ෂව පාසල් සන්නාම සහිත නිළ ඇඳුමක් ඩොලර් 60 කින් පමණ ඉහළ අගයක් ගන්නා බවද වික්ටෝරියා වාර්තා පෙන්වාදෙනවා.