
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙත බලපෑ ගංවතුර හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා මාංශ මිළ ගණන් කැපීපෙනෙන ලෙස ඉහළ යාමේ අවදානමක් උද්ගත වී තිබෙනවා.
ඊයේ (02) නිකුත් වූ වාර්තාවක දැක්වුණේ ගවයන් – බැටළුවන් – එළුවන් සහ කුකුළන් ඇතුලු සත්වයන් 100,000 කට වැඩි පිරිසක් මියගොස් හෝ අතුරුදන් වී ඇති බවයි.
ධාරානිපාත වර්ෂා තත්වය තවදුරටත් පැවතියහොත් මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවටද අනතුරු ඇඟවෙනවා.

එසේ වුවහොත් ඉල්ලුමට සරිලන සැපයුම නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා මාංශ මිළ ගණන් කිහිප ගුණයකින් ඉහළ යා හැකි බවටයි මත පළ වන්නේ.
මෙවැනි තත්වයක් 2019 වසරේදීද පැවති අතර එහිදී මාංශ මිළ ගණන් සියයට 10 ත් 20 ත් අතර අගයකින් ඉහළ ගොස් තිබුණා.
