Search

එස්.එම්. රංජිත්ට බරපතල සිරදඩුවමක් හේතුව මෙන්න

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරියට බරපතල වැඩසහිත වසර 16 බැගින් සිරදඩුවම් නියම කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනුකර තිබූ නඩුවකට අදාලවයි අද කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ නියම වී තිබෙනවා.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා වශයෙන් රුපියල් 2,080,500ක් ලබාගැනීමට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට චෝදනා ගොනුකර තිබුණා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »