
2025 ආසියානු වයස අවුරුදු 22 න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම තරගාවලිය මැයි මස 12 වනදා සිට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි
මෙවර තරගාවලිය සඳහා රටවල් 30 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට වැඩි පිරිසක් සහභාගි වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

මෙලෙස ජාත්‍යන්තර බොක්සිං තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ වසර 56 කට පසුවයි.
මීට පෙර ශ්‍රී ලංකාවේදී ජාත්‍යන්තර බොක්සිං තරගාවලියක් පවත්වා ඇත්තේ 1967 වර්ෂයේදී විමද කැපී පෙනෙනවා.
